hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 16, ප.ව. 4:58



 ශ්‍රී ලංකාවට  අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා පිළිගැනීමේ උත්සවයක් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී සිදු කෙරුණා.

1996 වසරේ පැවති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06 ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරග වල විනිශ්චයකාරවරයෙකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය, ගෞරවය ඇගැයීමට ලක් කිරීම සදහා  මෙම උත්සවය පැවැත්වීමේ අරමුණ වී තිබුණා.

2009 වසරේ ක්‍රිකට් තරග විනිශ්චය සදහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසර වල ලෝකයේ හොදම ක්‍රිකට් තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75ක්, එක් දින සීමිත ඕවර  තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සදහා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබෙනවා.

කුමාර ධර්මසේන මහතා අද (16) උදෑසන 08.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ මහතා පිළිගැනීම සදහා කුමාර ධර්මසේන මහතාගේ පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ “පින්තැන්න”ව්‍යාපාරික සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියයා.