hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 11, පෙ.ව. 11:06



ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයගත්තේය.

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මූලික වටයේ සහභාගි වූ තරග 5න් 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 8ක් ද සමග ලකුණු සටහනේ ඉදිරිය ගෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 5කට ලකුණු 146ක් ලබා ගත්තේය.

ෆිල් මස්ටඩ් ලකුණු 50යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 150ක් ලබා තරගය ජය ගත්තේය.

රොමේෂ් කළුවිතාරණ ලකුණු 16යි.

අලංකාර ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 47කින් නොදැවී ලකුණු 106ක් රැස්කළාය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 22යි.