hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 04, ප.ව. 1:52



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 300යේ සීමාව පසු කිරීමට පසුගියදා සමත් විය.

ඒ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අතරවාරයේදීයි.

පළමු පෙළ තරග 85කට ක්‍රීඩා කර ඇති සඳකැන් මේවන විට කඩුලු 302ක් ලබා ගෙන ඇත්තේ සාමාන්‍ය 26.95ක් රඳවා ගනිමින්‍ ය.

කඩුලු 5බැගින් දවා ගත් අවස්ථාවන් 13ක්, ද කඩුලු හතර බැගින් දවාගත් අවස්ථා 23ක් සහ ඉනිමකදී කඩුලු 10 බැගින් දවාගත් එක් අවස්ථාව ද සඳකැන්ගේ මේදක්වා ක්‍රිකට් දිවියට ඇතුළත්ය.

කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස සිටි ලක්ෂාන් සඳකැන් ,වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණට පෙර ලෝක T20 ශ්‍රේණිගතකිරීම්වල ලොව හොඳම පන්දු යවන්නන් දස දෙනා අතර සිටියා.

කෙසේ වෙතත් ලක්ෂාන් සඳකැන් එලෙස ලොව හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතර සිටියදී ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් පියවර ගත්තේය.

එතැන් සිට ලක්ෂාන් සඳකැන්ට මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමක් ලැබී නැහැ.