2023 අප්‍රේල් 07, ප.ව. 2:05
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර ලසිත් මාලිංග අභිභවා යෑමට දඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චහාල් සමත් වුණා.
ඒ අනුව අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට චහාල් සමත් වුයේ එහි මෙතෙක් කලක් රැඳී සිටි ලසිත් මාලිංග තෙවැනි ස්ථානයට ඇද දමමින්.
අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ, චහාල් තරග 133කදී කඩුලු 171ක් දවාගෙන ඇති අතර, ලසිත් මාලිංග තරග 122කදී කඩුලු 170ක් බිඳහෙළා තිබෙනවා.
කෙසේ වෙතත් අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියාට හිමි වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ වීමද කැපී පෙනෙන සිදුවීමක්.
බ්‍රාවෝ අයි.පී.එල්. තරග 161කදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 183ක්.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25