hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 අගෝස්‍තු 13, ප.ව. 6:25



2023 ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියේ කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග අතරවාරයේදී සර්පයෙකු ක්‍රීඩා පිටියට එන අයුරු දක්නට ලැබුණා.

ඊයේ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී මෙම සර්පයා ක්‍රීඩා පිටියට කඩා වැදුණා.

එහිදි බී ලව් කැන්ඩි කණ්ඩායමට ක්‍රීඩා කරන ඉසුරු උදාන පන්දු රකිමින් සිටින අතරවාරයේදී සර්පයා ඔහු අසලින් ගමන් ගැනීම නිසා උදාන තිගැස්සෙන අයුරු දක්නට ලැබුණා.