hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 14, ප.ව. 10:51



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණා.

ක්‍රීඩක වෙන්දේසියේ දි ප්‍රථමයෙන්ම අලෙවි වූ ක්‍රීඩකයා වූයෝ ධනංජය ද සිල්වායි.

ඔහු ඩොලර් 76,000ක මුදලකට Dambulla Aura කණ්ඩායම විසින්  මිලදී ගත්තා.

චරිත් අසලංක අලෙවි වූයේ ඩොලර් 80,000කටයි.

එලෙස ඔහු මිලදී ගත්තේ Jaffna Kings කණ්ඩායමයි.  

Colombo Strikes කණ්ඩායම විසින් පැතුම් නිශ්ශංක මිලදී ගනු ලැබුවේ ඩොලර් 40,000ක මුදලකටයි.

දුනිත් වෙල්ලාලගේ Jaffna Kings කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර ඒ ඩොලර් 56,000ක මුදලකටයි. 

ප්‍රථම විදෙස් ක්‍රීඩකයා ලෙස Jaffna Kings කණ්ඩායම ෂොයිබ් මලික් මිලදී ගනු ලැබුවා. 

ඒ ඩොලර් 50,000කටයි.

කුසල් ජනිත් පෙරේරා මිලදී ගනු ලැබුවේ Dambulla Aura කණ්ඩායම විසින්. 

ඒ ඩොලර් 40,000ක මුදලකටයි. 

දුෂ්මන්ත චමීර Be love Kandy කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර ඒ ඩොලර් 70,000කටයි. 

ක්‍රීඩක වෙන්දේසියේ දී ලහිරු කුමාර ඩොලර් 40,000කට අලෙවි වූ අතර ඔහු මිලදී ගනු ලැබුවේ Galle titans කණ්ඩායම විසින්.

ලක්ෂාන් සඳකැන්  ඩොලර් 30,000කට Colombo Strikes කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. 

Be love Kandy කණ්ඩායම විසින් සහන් ආරච්චිගේ ඩොලර් 28,000කට මිලදී ගනු ලැබූ අතර ලසිත් කෘස්පුල්ලේ Galle titans කණ්ඩායම විසින් 20,000කට මිලදී ගනු ලැබුවා.

නිපුන් ධනංජය ඩොලර් 5,000කට Colombo Strikes කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා..

පැතුම් කුමාර ඇ.ඩො. 5,000කට Jaffna Kings කණ්ඩායම විසින් මිළදී ගනු ලැබුවා.

Colombo Strikes කණ්ඩායම විසින් ළහිරු උදාර ඇ.ඩො. 10,000 කට මිළිදී ගනු ලැබුවා.

සොහාන් ද ලිවේරා ඇ.ඩො. 5000 කට අලෙවි වූ අතර ඔහු මිළදී ගනු ලැබුවේ Galle titans කණ්ඩායමයි.

Colombo Strikes කණ්ඩායම විසින් එශාන් මාලිංග ඇ.ඩො. 5,000කට සහ ශෂික දුල්ෂාන් ඇ.ඩො. 6,500 කට මිළිදී ගනු ලැබුවා.

විජයකාන්ත් වියස්කාන්ත් ඇ.ඩො. 18,000 කට සහ ටෙෂාන් විතුෂාන් ඇ.ඩො. 5,000 කට  Jaffna Kings මිළට ගත්තා. 

නුවනිදු ප්‍රනාන්දු ඇ.ඩො. 20,000 කට මිළදී ගත්තේ Colombo Strikes කණ්ඩායමයි.

අශේන් බණ්ඩාර ඇ.ඩො. 40,000 කට be love kandy විසින් මිළදී ගත්තා. Galle titans විසින් අශාන් ප්‍රියන්ජන් මිළට ගත්තේ ඇ.ඩො. 20,000 ක ලන්සුවකටයි.

ඉෆ්තිකා අහමඩ් ඇ.ඩො. 50,000 කට Colombo Strikes විසින් මිළට ගනු ලැබුවා. 

LPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන දෙවන රට ලෙසද ශ්‍රී ලංකාව ඉතිහාසගත වනු ඇති.

අද පැවැත්වෙන වෙන්දේසියේදී එක් කණ්ඩායම් හිමිකරුවෙක් අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙක් මිලදීගත යුතු වෙනවා.