hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 23, ප.ව. 1:14



මෙවර LPL තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම් පහෙන් එකක් වන Dambulla Thunders කණ්ඩායමේ අයිතිය අත්හිටවීමට තීරණය කර තිබෙනවා.

Dambulla Thunders කණ්ඩායමේ නව හිමිකරු වන බංග්ලාදේශ ජාතික Tamim Rahman කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය මඟින් තරග පාවාදීමේ චෝදනා එල්ල කරමිනුයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මේ වන විට ඔහු මෙම මස 31 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිදුවීමෙන් පසු LPL තරගාවලියේ හිමිකාරීත්වය දරණ IPG සමාගම නිවේදනයක් නිකුත් කරමින් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අහෝසි කරමින් නව හිමිකරුවෙකු යටතේ තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බව පවසනවා.

LPL තරගාවලිය ලබන ජූලි මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.