hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 9:02



ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

ඒ තුන්වැනි අවසන් වටයේ තරගයේදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමින්.

මෙම තරගයේ පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

ආබාධයක් සහිතව ක්‍රීඩා කළ නායක වනිඳු හසරංග ලකුණු 48ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 123ක් පමණයි.

වනිඳු හසරංග ,චතුරංග ද සිල්වා සහ මොහොමඩ් හස්නයින් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා වනිඳු හසරංග.

LPL අවසන් මහා තරගය දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.