hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 මාර්තු 16, ප.ව. 4:02



ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර IPL තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බව වාර්තා වනවා.

ලසිත් මාලිංග මීට පෙර නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස තාවකාලිකව කටයුතු කරනු ලැබුවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.