hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 30, ප.ව. 5:17



ජෝබාර් – සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීන මළළ ක්‍රීඩකයින් 20 දෙනෙකු එහිදී පදක්කම් 51ක් දිනා ගෙන ඊයේ (29) රාත්‍රී කටුනායක ගෙන තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම තරගාවලිය 26 සහ 27 යන දින වල මැලේසියාවේ ජෝබාර් නුවර පවත්වාවා තිබුණා.

මෙහිදී රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 14ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීන  වෙළෙඳ සේවා මළළ ක්‍රීඩා කණ්ඩායම සමත් වී තිබුණා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු රන් පදක්කම් 03 බැගින් දිනා ගැනීමට සමත් වී තිබුණා.

කොළඹ ජෝන් කීල්ස් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ දේශාන් බණ්ඩාරනායක යගුලිය , හෙල්ල සහ කවපෙත්ත විසි කිරීමේ ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගෙන තිබුණා.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ කඩවත නලින් කපිල මිටර් 100 , මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිස ඊයේ (29) රාත්‍රී 06.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , බතික් එයා ගුවන් සේවයේ ඕ.ඩී.- 259 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.