2025 පෙබරවාරි 17, පෙ.ව. 9:54
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් දින සිදු කරන තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත.
ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ද මෙම අවස්ථාවේදී පත් කරන ලදී. එම සාමාජිකයින් ලෙස,
සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරිය වන්නේද ඇයයි. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා බාස්කට්බෝල් ක්‍රීඩිකාවක්ද වේ.
රුක්මන් වෑකඩපොළ – ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වන ඔහු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රිඩා ගුරුවරයෙක් වශයෙන් ද සේවයෙහි නිරත වෙයි.
සිදත් වෙත්තමුනි – 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස ද , ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.
චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතු වල නියැලෙන අතර Colombo Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.
රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතු වල නියැලී ඇති අතර ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි 7 වන කණ්ඩායමේ (7s) නායකත්වය දැරූ අයෙක් වේ.
නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සදහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වේ. (1983- 1987 , 1989- 1992) ශ්‍රී ලංකා බැට්මිටන් ශූරතාවලියේ කේවල ශූරතාවය හිමිකර ගෙන ඇත. ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද කටයුතු කර ඇත.
මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේස පන්දු සංගමයේ හිටපු ලේකම් ලෙසත් කටයුතු කර ඇත.
රොෂාන් මහනාම – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වේ. ටෙස්ට් තරඟ ඉතිහාසයේ දිවා රාත්‍රී තරඟ තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරඟ තීරකයෙක් ද වේ.
සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර විශ්ව විද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.
ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා 70 කට අධික සංඛ්‍යාවකට සහභාගී වී ඇත. තවමත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කඩුලු මතින් දිවීමේ ඉසව්වට ද ඇය හිමිකම් කියයි.
මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ශානිත ප්‍රනාන්දු – හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12 කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ.1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1994 සිට 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උප සභාපතිවරයා ද විය.
2025 පෙබරවාරි 23, ප.ව. 10:16
2025 පෙබරවාරි 23, ප.ව. 3:43
2025 පෙබරවාරි 21, පෙ.ව. 12:16
2025 පෙබරවාරි 20, ප.ව. 11:52
2025 පෙබරවාරි 19, පෙ.ව. 8:18