2023 ජූනි 20, ප.ව. 2:39
දකුණු කොරියාවේ පැවති ආසියාතික කනිෂ්ඨ නෙට්බෝල් (දැල් පන්දු) ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගෙන අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.
මෙම පිරිස අද (20) දින උදෑසන 09.40 ට දකුණු කොරියාවේ ඉන්චියොන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52