hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 05, ප.ව. 11:28



2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී සිය පෙම්වතියට වෙඩි තැබීමේ සිදුවීමකට වරදකරුව සිරගත කළ හිටපු පැරාලිම්පික් මලල ක්‍රීඩක ඔස්කා ප්‍රිස්ටෝරියස්ට නිදහස් කිරීමට තීරණය කර තිබේ.

ඒ වසර 11ක සිර දඩුවමකින් අනතුරුවය.

වෘත්තීයම නිරූපන ශීල්පිනියක් වු ඔස්කා ප්‍රිස්ටෝරියස්ගේ පෙම්වතිය වු සුරුපී Reeva Steenkamp 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී ඔස්කා ප්‍රිස්ටෝරියස්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී පැරාලිම්පික් පදක්කම් ලාභී ප්‍රිස්ටෝරියස් ඇයට වෙඩි තබා තිබුණේය.

මෙම මනුෂ්‍ය ඝාතනයට වරදකරු වු ඔස්කා ප්‍රිස්ටෝරියස්ට වසර 13ට අදික සිර දඩුවමක් නියම වුණා.

ඉන් වසර 11ක් ඉක්මවා ගිය තැන කොන්දේසි සහිතව හිටපු පැරාලිම්පික් ක්‍රීඩකයා නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ඔස්කා ප්‍රිස්ටෝරියස් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.