hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 8:33



 එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් පාලිත බණ්ඩාර ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු ඊයේ (08) රාත්‍රී 07.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

පාලිත බණ්ඩාර පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පැවති උත්සවයට ඔහුගේ අම්මා, බිරිඳ, දරුවන් මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නලීන් බණ්ඩාරනායක, ජාතික පැරා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් බන්දු බණ්ඩාර ඇතුළු තවත් විශාල පිරිසක් පැමිණ සිටියා.

එහිදී අදහස් දැක්වූ පාලිත බණ්ඩාර මහතා තමන් 2022 වසරේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් රටට දිනා දීම තම අපේක්ෂාව බව පැවසුවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල