hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 පෙබරවාරි 09, ප.ව. 8:41



එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු රැස්කළ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත්වීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදී පන්දු 139කින් නොදැවී ලකුණු 210ක් ලබාගනිමින්.

පැතුම්ගේ ඉනිම හයේ පහර 08 හතරේ පහර 20කින් වර්ණවත් වුණා.

එත් සමගින් එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකීක පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද පැතුම් සතුවුණා.

ඔහු විසින් බිඳහෙළනු ලැබුවේ 200 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබාගනිමින් සනත් ජයසූරිය තබා තිබු වසර 24ක් පැරණි වාර්තාවයි.