hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 17, පෙ.ව. 9:22



මෙවරත් කොළඹ ඩී.ඇස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර “රන් මහා සටන” ක්‍රිකට් තරඟය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (15) පැවැත්වුණා.

එහිදී කොළඹ ඩී.ඇස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ප්‍රකාශ කලේ මාර්තු මස 24 සහ 25 යන දිනයන් හිදී “පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී” “රන්මහා සටන” දෙදින තරඟය පැවැත්වෙන බවයි.

එමෙන්ම එක්දින තරඟය අප්‍රේල් මස 08 වනදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවත් සියලු දෙනා ඉතා සංයමයකින් සහ විනයකින් ක්‍රීඩාවේ උතුම් ගුණාංග සනිටුහන් කරමින් ක්‍රියාකල යුතු බවත් පෙන්වා දුන් විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ පාසල් ද්විත්වය අතර පවත්නා සංස්කෘතීන් වලට සහ බැදීම් වලට මෙම තරඟය වැදගත්වන බවයි.

එමෙන්ම කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති A.C පෙරේරා මහතා ප්‍රකාශ කලේ විද්‍යාල ද්විත්වයේ දරුවන් අතර සහ ආදි සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් මෙම තරඟය පැවැත්වෙන බවත් එම අදහස සමාජ ගත කිරීම හරහා යහපත් පූර්වාදර්ශයක් සමාජයට සැපයිය හැකි බවත්ය.

කොළඹ ඩී.ඇස් සේනානායක විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මනුර පීරිස් සහ කොළඹ මහානාම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සචිර වැලිවත්ත යන ක්‍රීඩකයින් දෙදෙනාම ප්‍රකාශ කර සිටියේ කණ්ඩායම් ද්විත්වයම තරඟය සඳහා මනා සූදානමකින් සිටින බවයි.