hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 11:06



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතා හමුවී සුවදුක් විමසන්නට ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා ඇතුළු පිරිසක් අබේසේකර මහතාගේ නිවසට පැමිණියා.

වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගවන්නෙකු ලෙස කටයුතු කරන ගයාන් සේනානායක මහතාගේ මැදිහත්වීම මත රෝහිත්, පර්සි අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට මෙලෙසින් එක් වී තිබෙනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලැබු පර්සි අබේසේකර මහතා මේ දිනවලදී සිය නිවසේ සිට විවේකී සුවයෙන් පසුවනවා.

මෙම අවස්ථාවට ඉන්දීය කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ නුවන් සෙනවිරත්න ( බව්වා) ද එක්ව සිටියා.