hit counter

2026 මැයි මස 25 වන සඳුදා

2026 මැයි 25, පෙ.ව. 1:03



අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සති 5කින් පසු මුලික වටයේ තරග නිමාවිය.

තරගාවලියේ කණ්ඩායම් 6ක් Cup වටයට ද තවත් කණ්ඩායම් 6ක් Plate තරග වටයට ද සෙසු කණ්ඩායම් 8 bowl වටයට ද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව කොළඹ තර්ස්ටන් විද්‍යාලය මෙවර තරගාවලියේ තරග 2ක් ජය ගෙන Plate වටයට සුදුසුකම් ලබා ගත්තා.

Plate කාණ්ඩයෙන් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය,මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය ,ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ,මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය තරග වදිනවා.

Cup කාණ්ඩයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ,කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය ,බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය , කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය තරග වැදීමට නියමිතයි.