hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:58



පළමු ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියදී කලම්බු කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක තරග පාවාදීමට පොළඹවා ගන්නට උත්සහ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට ගත්තේ ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින්.

අත් අඩංගුවට ගත් සචිත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ලබන 15 වැනිදා දක්වා සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළා.