2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:25
පළමු LPL ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.
අදාළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
එමෙන්ම සැකකරුට පණවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියා.
සචිත්‍ර සේනානායක නඩුව දෙසැම්බර් මස 01 වනදා යළි කැඳවීමට නියමිතයි.
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:21
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:07
2025 අගෝස්තු 30, ප.ව. 6:44
2025 අගෝස්තු 29, පෙ.ව. 8:10
2025 අගෝස්තු 28, ප.ව. 9:51