2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:58
පළමු ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියදී ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගන්නට උත්සහ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින්.
මීට පෙර සචිත්‍රට විදෙස් ගමන් මාස 3කට අත්හිටුවන්නට ද අධිකරණය විසින් පියවර ගෙන තිබුණා.
සචිත්‍ර සේනානායක ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51