hit counter

2024 දෙසැම්‍බර් මස 02 වන සඳුදා

2024 ජූලි 07, ප.ව. 11:06



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය අන්තර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඔහුට හිමි වන පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ T20 ක්‍රිකට් තරගාවලියයි.

ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කළාය.

එමෙන්ම නිමා වූ T20 ලෝක කුසලානයේදී ද  සනත් ජයසූරිය උපදේශකයකු ලෙස එක්ව සිටියා.

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට කෙනෙක් සෙවීම මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කර තිබේ.

Example Image