hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 22, පෙ.ව. 8:56



ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලවරණය අද පෙරවරු 9.30 බත්තරමුල්ල ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතය.

මෙම නිලවරණය අන් කවරදාකටත් වඩා උණුසුම් වී ඇත.

හිටපු සභාපති තිලක් වත්තු හේවා මහතා ඇතුළු කණ්ඩායමේ ධුර කාලය මාර්තු 14 වන දිනෙන් අවසන් වූ අතර ඊට පෙර මෙහි නිලවරණය සංගමය විසින් පැවැත්විය යුතුවූවද එය පවත්වා නොමැත.

ඒ අනුව 2024 මාර්තු 15වෙනි දිනෙන් පසු මෙම සංගමය අකර්මණ්‍යය සංගමයක් ලෙස පවතියි.

මෙය අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2021.03.18 වන දින නිකුත් කරන ලද චක්‍රවේඛන අංක 03/ 2021 මගින් දැක්වේ.

මෙලෙස නිලවරණය හිතාමතාම නොපවත්වා මොවුන් උත්සාහ කරන්නේ යළි මෙම සංගමයේ සභාපති, උප සභාපති ලෙසත් ලේකම්, උපලේකම් ලෙසත් පත්වීමට බවට චෝදනා එල්ල වනවා.

සභාපති අපේක්ෂක ඔසාර පණ්ඩිතරත්න මහතායි.

මෙම සංගමයේ හිටපු ලේකම් ඉන්ද්‍රජිත් මහතා මෙහි උපලේකම්වරයෙක් ලෙස පත්වීමට උත්සහ දරයි.

සංගමේ ලේකම් ධූර අපේක්ෂක P.A ලීලානන්ද කුමාර සිරි මහතා හම්බන්තොට ථේරපුත්ත ජාතික පාසලේ ගුරුවරයෙක් වෙයි.

හිටපු ලේකම්වරයා 3/ 2021 චක්‍ර ලේඛනය අනුව පාසල් ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කොට විධායක සභාවේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුවුවද මේ දක්වාම ඔහුගේ වගකීම් පැහැර හැර ඇත.

සංගමේ ප්‍රධාන නිලතල වන සභාපති ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු පිළිබඳව 2021 මාර්තු 18 දින නිකුත් කරන ලද 3/ 2021 චක්‍ර ලේඛනය මෙසේ දක්වා ඇත. “පාසල් ක්‍රීඩා සංගම් සියලු ධූරයන්ගේ නිල කාල සීමාව වසර දෙකක් වේ.

එසේ වුවද ඊට අනුයුක්තව පැවැත්වෙන නිලවරණයකදී සභාපති ලේකම් භාණ්ඩාගාරික යන නිලධාරීන්ට නැවත වතාවක් එම තනතුරේ හෝ ඉහත තනතුරු මාරු කරමින් පත්විය හැකිය.

කෙසේ වුවද මෙලෙස ධූරයක අඛණ්ඩව සිටිය හැකි උපරිම කාලසීමාව වසර 4ක්.

මෙහි ප්‍රතිවාදී අපේක්ෂක ජගත් සේනාරත්න මහතා 2007 වර්ෂයේ සිට මෙම සංගමය සාමාජිකයෙක්.