hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 22, ප.ව. 6:15



විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත්වු පරාජයෙන් පසු තමන්ටත් තම දෙමව්පියන්ටත් සමාජ ජාලාවල බැන වදින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොව ඉහළම මට්ටමේ ක්‍රීඩකයන්ට සිදු කරන ආකාරයේ වියදමක් දරා ඇති බවත් තරග වදිද්දී ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් පවා පුදුමයට පත් වූ බවද ඔහු සදහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොතරම් වියදම් කළද ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් විසින් බවත් එම වගකීම ඔවුන් සතු බවත් ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු තවදුරටත් සදහන් කළේ, ඉදිරියේදී පැවැත්වෙන තරගාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සූදානම් කරවන බවයි.