hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 5:49



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ සංචිතයක් ඇති බවත් එම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල් සංචිතයට වඩා වැඩි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවසුවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හිමිි වුනු ඇති බවටයි ඔහු කියා සිටියේ.

ඊට අමතරව තරගාවලිය පැවති කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මුදල තවත් අඩු වීමට ඇති ඉඩකඩ වැඩි බවයි ඔහු කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආසියානු ක්‍රිකට් කුසලානය මෙරටදී පැවැත්වීමට නොහැකි වුවත් ඊට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බව ශම්මි සිල්වා මහතා සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශම්මි සිල්වා මෙලෙස අදහස් දක්වා සිටියා,

“ආසියානු ක්‍රිකට් කුසලානය ලංකාවේ ගැහුවා නම් අපිට වැඩිපුර හම්බවෙන්නේ ඩොලර් මිලියන 2.5යි. වැස්සයි රටේ තිබ්බ අනෙකුත් ප්‍රශ්නයි එක්ක ACC එකම තමයි මෙහෙ ගහන්න බෑ කියන තැනට ආවේ. ඒ අයට බය වුණා ලංකාවට එන්න. නමුත් දැන් අපිට මේකෙන් ඩොලර් මිලියන 4කට වැඩිය වැඩියෙන් ලැබුණා. අපි මේකෙන් හොඳ ලාභයක් ලැබුවා. අපිට ඩොලර් මිලියන 6.5ක් හම්බෙනවා. ඒකෙන් අපි රෝහල්කට සහ අනෙකුත් ක්‍රීඩාවලටත් ලොකු දායකත්වයක් සපයනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශයේ සල්ලි නෑ කියලා අපිට කිව්වා. ඔස්ට්‍රේලියන් ටුවර් එකේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් අපිට රුපියල් මිලියන 120ක් විතර හම්බුණා. ක්‍රිකට් බෝඩ් එක පටන් ගත්තු දවසේ ඉඳලා මිලියන 2කට වැඩිය ඩොලර් තිබිලා නැහැ..අපේ ස්ථාවර තැන්පතුවල. දැන් අපේ තියෙනවා ඩොලර් මිලියන 40ක්. මේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත එකතු කරපු ඒවා. ආසියානු ක්‍රිකට් කුසලානය ලංකාවේ ගැහුවා නම් අපිට වැඩිපුර හම්බවෙන්නේ ඩොලර් මිලියන 2.5යි. වැස්සයි රටේ තිබ්බ අනෙකුත් ප්‍රශ්නයි එක්ක ACC එකම තමයි මෙහෙ ගහන්න බෑ කියන තැනට ආවේ. ඒ අයට බය වුණා ලංකාවට එන්න. නමුත් දැන් අපිට මේකෙන් ඩොලර් මිලියන 4කට වැඩිය වැඩියෙන් ලැබුණා. අපි මේකෙන් හොඳ ලාභයක් ලැබුවා. අපිට ඩොලර් මිලියන 6.5ක් හම්බෙනවා. ඒකෙන් අපි රෝහල්කට සහ අනෙකුත් ක්‍රීඩාවලටත් ලොකු දායකත්වයක් සපයනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශයේ සල්ලි නෑ කියලා අපිට කිව්වා. ඔස්ට්‍රේලියන් ටුවර් එකේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් අපිට රුපියල් මිලියන 120ක් විතර හම්බුණා. ක්‍රිකට් බෝඩ් එක පටන් ගත්තු දවසේ ඉඳලා මිලියන 2කට වැඩිය ඩොලර් තිබිලා නැහැ..අපේ ස්ථාවර තැන්පතුවල. දැන් අපේ තියෙනවා ඩොලර් මිලියන 40ක්. මේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත එකතු කරපු ඒවා.”