hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 10:55



ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 139කට ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු 210ක් රැස්කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිම හයේ පහර 08ක් හා හතරේ පහර 20කින් සමන්විත වුණා.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු එක්දින ද්විත්ව ශතක සහ ලොව වාර්තා වු 12 වන එක්දින ද්විත්ව ශතකය ද වනවා.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 382ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 339ක් පමණි.

ඇෆ්ගන් ඉනිමේ කඩුලු 05ක් ලකුණු 55කදී බිඳවැටී තිබියදී පිටියේ එක් වූ අස්මතුල්ලාහ් ඔමර්සායි හා හා මොහොමඩ් නබි එක්ව 06වැනි කඩුල්ලට පන්දුවාර 222කදී ලණු 242ක වාර්තාගත සබඳතාවක් ගොඩනගා සිය කණ්ඩායමට ගෞරවාන්විත පරාජයක් උරමකර දීමට කටයුතු කළා.

ඔවුන් දෙදෙනා ගොඩනැගූ මෙම සබඳතාව ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඔනෑම කඩුල්ලකට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

අස්මතුල්ලා ඔමර්සායි පන්දු 115කට මුහුණදී ලකුණු 149ක් රැස්කරගෙන සිටියා.

මොහොමඩ් නබි ලකුණු 136ක් රැස්කළා.

ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.