hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 පෙබරවාරි 11, ප.ව. 11:25



තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ මහනුවර පල්ලෙකැලේදී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 155කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ද, සදීර සමරවික්‍රම ලකුණු 52ක් ද, ජනිත් ලියනගේ ලකුණු 50ක් ද, චරිත් අසලංක නොදැවී ලකුණු 97ක් ද ලබා ගත්තා.

අස්මතුල්ලාහ් ඔමර්සයි ලකුණු 56කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 153ක් පමණයි.

ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 54ක් ද, රමත් ෂාහ් ලකුණු 63ක් ද ලබා ගත්තා.

වනිඳු හසරංග ලකුණු 27කට කඩුලු 4ක් ද, ඩිල්ෂාන් මධුෂංක ලකුණු 28කට කඩුලු 2ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.