hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 31, ප.ව. 1:39



ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරඟ සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ලබන මාසයට යෙදී ඇති මෙරට සංචාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සැක සංකා පළ කර තිබෙන බව වාර්තා වනවා.

නමුත් ඔවුන් අදාළ සංචාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගන්නා තීරණයට එකඟ වන බව ද පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය, විදුලිය කැපීම්, ආහාර හිඟය ආදී ගැටලු සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයින්ගේ සැලකිල්ල යොමු වී තිබෙනවා.

මෙම සංචාරයේදී පන්දු වාර 20 තරග 3ක් රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදුලිය කප්පාදුව බලපානු ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත් මෙම තරග සංචාරයෙන් ලංකාවට සෘජුව හා වක්‍රව ලැබෙන මුළු ඩොලර් ප්‍රමාණය මිලියන 2.5 ක් බව ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර සැප්තැම්බර් මාසයේ මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන තරගාවලියත් නියමිත පරිදි පැවැත්වීමට හැකි වුවහොත් ලැබෙන මුළු මුදල ඩොලර් මිලියන 6 ක්. මෙමගින් ජාත්‍යන්තරයට මෙරට සංචාරක ආකර්ෂණය වෙනුවෙන් වටිනා පණිවිඩයක් ලබා දීමට හැකියාවක් පවතිනවා.