hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 14, පෙ.ව. 1:25



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක පහසු ජය ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනා පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5කදී සියල්ලන් දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ද, ජනිත් ලියනගේ ලකුණු 67ක් ද ,පැතුම් නිස්සංක ලකුණු 36ක් ද ලබා ගත්තේය.

Shoriful Islam ලකුණු 51කට කඩුලු 3ක්,ටස්කින් අහමඩ් ලකුණු 60කට කඩුලු 3ක් ,Tanzim Hasan ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 44.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 257ක් ලබා තරගය ජය ගැනීමට සමත් වුණා.

මෙම ජය සමඟ බංග්ලාදේශය තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.

නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 122ක් ද, මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් ද මහමුදුල්ලාහ් ලකුණු 37ක් ද ලබා ගත්තා.