hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 2:05



බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු T20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තාය.

කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ද, සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් ද මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දෑරූ චරිත් අසලංක නොදැවී ලකුණු 44ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 203ක්.

මහමුදුල්ලාහ් ලකුණු 54ක් ද,ජකර් අලි ලකුණු 68ක් ද ලබා ගත්තාය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17කට කඩුලු 2ක් ද,දසුන් ශානක ලකුණු 36කට කඩුලු 2ක් ද,බිනුර ප්‍රනාන්දු ලකුණු 41කට කඩුලු 2ක් ද දවා ගත්තාය.