2024 මාර්තු 26, පෙ.ව. 7:40
බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සිල්හෙට්හිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත්තේය.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ලකුණු 418යි.
ජයග්‍රහණය සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි ඉනිමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 182ක් පමණයි.

මෙම ටෙස්ට් තරගයේදී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ඉනිම් දෙකේදී ලබා ගත් ශතක කැපී පෙනුණා.
මෙම ජය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
මීට අමතරව දෙවැනි ඉනිමේදී කසුන් රාජිත කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20