2024 මාර්තු 07, පෙ.ව. 12:23
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දෙවැනි T20 තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් ද, චරිත් අසලංක ලකුණු 28ක් ද ,ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2ක් දැවී ලකුණු 170ක් ලබා තරගය ජය ගත්තා.
නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ නොදැවී ලකුණු 53ක් ද ,ටෝහිඩ් රිදෝයි නොදැවී ලකුණු 32ක් ද ලබා ගත්තා.
මෙම තරගයේදී සෞම්‍ය සර්කාර් දැවී ගියත් ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට තුන්වැනි විනිසුරු කටයුතු කිරීම ආන්දෝලනයකට තුඩුදුන්නා.
එහිදි මෙම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැවි විරෝධයක් පළ කළා.
තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ මේවන විට පසුවනවා.

2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52