hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 මාර්තු 19, පෙ.ව. 1:21



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක් ජයක් ලබා ගැනීමත් සමඟය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත්තේය.

පළමු එක්දින ශතකය වාර්තා කළ ජනිත් පෙරේරා ලකුණු 101ක් ද, චරිත් අසලංක ලකුණු 37ක් ද,නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් ද ලබා ගත්තා.

ටස්කින් අහමඩ් ලකුණු 42කට කඩුලු 3ක් ද ,මුස්තාෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 237ක් ලබා තරගය ජය ගත්තේය.

Tanzid Hasan ලකුණු 84ක් ද ,මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 37ක් ද,රෂීඩ් හුසේන් නොදැවී ලකුණු 48ක් ද ලබා ගත්තාය.

ලහිරු කුමාර ලකුණු 48කට කඩුලු 4ක් ද, වනිඳු හසරංග ලකුණු 64කට කඩුලු 2ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එකට එක කරන්නාක් සේ මුෂ්ෆිකර් රහීම් ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයින් Time out සිදුවීම යළි මතු කරමින් ජය පැන් පානය කළාය.