hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 1:13



ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඩුබායිහිදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පැවති තරග දෙකම පරාජය වීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීමට නම් ඉදිරි තරග දෙක අනිවාර්යයෙන් ජය ගත යුතුවේ. 

ඒ අද ඉන්දියාවට එරෙහිව සහ ලබන 11 වැනිදා නවසීලන්තය හමුවේයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේවන විට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.