2024 අගෝස්‍තු 12, ප.ව. 12:53
අයර්ලන්තය සමග පැවති පළමු T20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 149ක් ලබා තරගය ජය ගත්තා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් රැස් කරමින් ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ශ්‍රී ලංකා කාන්තා පිල අඛණ්ඩව ලද 6 වැනි T20 තරග ජයග්‍රහණයද මෙයයි.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25