hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 20, පෙ.ව. 12:58



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර දමන්නට සිදු විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 21කදී කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මෙම නිසා තරගය විසඳමකින් තොරව අවසන් විය.

පළමු තරග 2 ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේය.

2024 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ,ශ්‍රී ලංකාවේදී ජයත් 5වන තරගාවලි ජය මෙය විය.