2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 7:58
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 5ක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 143ක් පසුපසින් සිටියි.
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුණු 39ක් බැගින් රැස්කරගෙන සිටිනවා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 328ක් රැස් කළේය.
ලකුණු 30ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 317ක් පමණි.
තරගයේ අවසන් දිනය අදයි.
2025 ජනවාරි 22, පෙ.ව. 11:25
2025 ජනවාරි 21, පෙ.ව. 10:44
2025 ජනවාරි 20, පෙ.ව. 7:47
2025 ජනවාරි 19, පෙ.ව. 7:23
2025 ජනවාරි 15, ප.ව. 9:29