hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 10:45



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුවා.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සිදු වුණා.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විගණකාධිපතිවරයාට බලයක් තිබෙන බවත් සඳහන් කළා.

වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් දැමුණා.