hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 21, ප.ව. 2:35



පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ පසිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.

සිම්බාබ්වේ පිල වෙනුවෙන් නායක සිකන්දර් රාසා ලකුණු 47ක් හා බ්‍රයන් බෙනට් ලකුණු 49ක් ලබා ගත්තා.

වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 3 ක් හා එෂාන් මාලිංග ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 34ක් රැස් කළේය.

බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් හා රිචඩ් න්ගරාවා කඩුලු 2ක් 

දවා ගත්තේය.