hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 11:07



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි T20 ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 104ක්.

එහිදී චාලි ඩීන් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවිෂා දිල්හාරි කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ලකුණු 105ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සපුරා ගත්තේ පන්දුවාර 13.2කදී කඩුලු 02ක් පමණක් දැවී තිබියදීය.

එහිදී නායිකා චමරි අතපත්තු පන්දු 31කින් වේගවත් ලකුණු 55ක් රැස් කරගත්තා.

මෙම ඉනිම නිසාම චමරි තරගයේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තා.

(Photo by Getty Images)

මීට අමතරව හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30ක් සහ විෂ්මි ගුණරත්න නොදැවී ලකුණු 18ක් වාර්තා කරගත්තා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර T20 තරගයකදී පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ අනුව තරග 03කින් යුත් T20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා තුන්වැනි T20 තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.