hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 27, ප.ව. 12:13



2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ තෑගි ප්‍රධාන උත්සවයේදී ලෝක ශූරතාව දිනූ ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම ගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස්ට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තහනමක් පනවන්නට පියවර ගෙන තිබෙනවා.

ඒ ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාට එරෙහිව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.

අදාළ සිදුවීමට එරෙහිව ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාට දැඩි විරෝධයක් මේවන විට එල්ල වී තිබෙනවා.

ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පවසන්නේ සභාපතිවරයා ඉල්ලා අස්වන තුරු තමන් කිසිදු ජාත්‍යන්තර පාපන්දු තරගයට ක්‍රීඩා නොකර බවටයි.

මීට අමතරව ස්පාඤ්ඤය කාන්තා පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ඇතුළු පුහුණු කාර්ය මණ්ඩල සමාජිකයින් ද සිය ධූරවලින් මේවන විට ඉවත් වී තිබෙනවා.