hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 11:18



ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම යළි දිවයිනට පැමිණියහ.

ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් වුණා.

එහිදි කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත්වුණි. 

පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පද පදක්කමක් ද ,කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

කණ්ඩායම් නායිකා, නෙත්මිකා මධුෂානි.

“ඇත්තටම අපි හොඳ කණ්ඩායම් හැඟීමකින් වැඩ කළා. ලොකු අභියෝගයක් හම්බවුණා. ගොඩක් ආඩම්බරයි මේ වගේ ජයග්‍රහණයක් ගත්ත එකට.”

කණ්ඩායම් නායක මෙරෝන් විජේසිංහ

“මේ තරගාවලියේ අභියෝග කිහිපයක් තිබුණි. එකක් තමා දේශගුණය, ට්‍රැක් එකේ තත්ත්වය. අපි ඒ කිසිවක් නොබලා තරගයට මුහුණදුන්නා. අපි හොඳ මානසික තත්ත්වයකින් මුහුණදුන්නා ඒක තමා ජයගහනයටත් හේතුව.”