2024 ජූනි 09, ප.ව. 10:20
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය හා වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති අලි සබ්රි මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.
2023 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියදී සහ T20 ලෝක කුසලානයේදී බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන ගැටලුවලට තාවකාලික විසඳුම් නොමැති බව ද ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් හා ව්‍යවස්ථාවක් බලාත්මක කළ යුතුය.
මෙරට ක්‍රිකට්, ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොවන අතර එය ශ්‍රී ලංකීක ජාතියේ ආත්මයේ පිළිබිඹුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20