2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 11:21
2022 වසරේ පැවැත්වූ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදුවූවා යැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කළ විශේෂ විගණනයේ වාර්තාව අද (19දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
අද උදෑසන පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී කථානායකවරයා විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදු කෙරෙනු ලැබුවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂ විපක්ෂ බහුතරයක් මන්ත්‍රීවරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අවශ්‍ය සහය ලබාදුන් බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම කෝප් කමිටුවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52