2023 නොවැම්‍බර් 22, පෙ.ව. 11:52
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනු කළ පෙත්සම් විභාගය අද යළි කැදවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටු සාමාජිකයින්ට ජාතික විගණන කාර්යාලය විසින් කළ විගණනයෙන් වංචා සහ දුෂණ චෝදනා එල්ලවීමත් සමග ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා පත් කරනු ලැබුවා.
මෙම නඩුව මේවන විට අධිකරණයේදී විභාග වෙමින් පවතින අතර බෝහෝදුරට අද මෙම පෙත්සමේ තීන්දුව ලැබීමට ද ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51