hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 8:30



නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ටෙස්ට්, එක්දින සහ T20 සඳහා නායකයන් තිදෙනකු පත් කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව වාර්තා වේ.

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට අනුව දිමුත් කරුණාරත්නගෙන් ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා විසින් භාරගැනීමට අපේක්ෂා කරන අතර, කුසල් මෙන්ඩිස් එක්දින නායකයා ලෙස ද, සහ වනිඳු හසරංග T 20 කණ්ඩායම් සඳහා නායකත්වය ලබාදීමට නියමිතය.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්වීමට බොහෝ ඉඩ ඇති අතර T20 සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.

සිම්බාබ්වේ එක්දින සහ T20I තරඟාවලිය සඳහා වන සංචිතය අවසන් කිරීම සඳහා තේරීම් කමිටුව ලබන සදුදා රැස්වන විට එහිදි අවසන් තීරණයක් ගනු ලබනු ඇති.