hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 12:46



ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණියා.

ඔවුන්ව පිළිගනු ලැබුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සහ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ විසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතිය’ සඳහා රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කලා.

‘ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ’ දැනට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් ක්‍රීඩකයන්ව දැනුවත් කිරීම ද සිදු තිබුණා.