hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 05, ප.ව. 1:09



ලෝකයේ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දී එහි අනු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් 06.05 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් පිළිගැනීම සදහා මෙම තරග සංචාරය සදහා අනුග්‍රහය දැක් වූ ඉන්පිරිටි වැකේෂන් ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණා.

කටුනායක – ටී.කේ.ජී.කපිල