hit counter

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 1:02



ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2022 විස්සයි – විස්ස ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත 29 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එසේ පිටත්ව ගොස් තිබුණා.

මෙම නිලධාරීන් පිරිස අතර පුහුණුකරු , සහාය පුහුණුකරුවන් , පන්දු යවන පුහුණුකරුවන් , දඟ පන්දු පුහුණුකරු , භෞත චිකිත්සකවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළත් වී සිටියා.

මෙම පිරිස අද (02) අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඩුබායි සිට මෙම පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා පිටත්ව යාමට නියමිතයි.