2024 පෙබරවාරි 05, ප.ව. 8:03
හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රේග් හොවර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ක්‍රේග් හොවර්ඩ් වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගතවී තිබේ.
ඒ අනුව ඔහු ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතයි.
හොවර්ඩ් මීට පෙර නවසීලන්ත වයිට් ෆර්න්ස් කණ්ඩායමේ සහ ඔස්ට්‍රේලියාව වික්ටෝරියා ප්‍රාන්තය මෙන්ම රෙඩ්බැක්ස් , බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සමඟ ද පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
මේ සමඟ දීර්ඝ කාළයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණු ලෙස කටයුතු කළ පියල් විජේතුංග සිය සේවය ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයෙන් පසු අවසන් වනවා.

2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52